නුවන් කොස්වත්ත
Bsc.mgt.sp / Msc.UOC. / ජාතික පාසල් සේවය
කලවාන ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වන මොහු කළමනාකරණ විශේෂවේදී උපාධිධාරියෙකි. එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය අවසන්කරන මොහු ශ්‍රී ලංකා අලෙවිකරුවන්ගේ සංගමයේද සාමාජිකයෙකි. වෘතීය ආයතන කිහිපයකම ආරාධිත දේශක වරයෙකු ලෙස කටයුතු කරන අතරම වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ජාතික පාසල් පද්ධතියට සිය දැනුම ලබාදෙමින් සේවය සපයයි. රාජ්‍ය සේවා තරඟ විභාග සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කර කෙටි කලක් තුළදී විශාල පිරිසකට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා මග පෙන්වීමට මොහුට හැකිවී ඇත. මුදලට සීමා නොවී ඉතා කැපවීමෙන් ඉගැන්වීම් කටයුතු සිදුකිරීම නිසා දුර්වල සිසුවෙකු වුවද පාඨමාලා අවසානයේදී ඉතා ඉහළ මට්ටමකින් විභාග සූදානමකට රැගෙන ඒම මොහු සතු විශේෂත්වයයි.
